Pacific Angel 2025 පුහුණු අභ්‍යාසය නිමා වෙයි
September 14, 2025 10:05 am
රටවල් රැසක සහභාගිත්වයෙන් දින පහක් පුරා පැවති "Pacific Angel 2025" පුහුණු අභ්‍යාසය සාර්ථකව නිමා වී තිබේ.
පසුගිය 12 වනදා කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී මෙම පුහුණු අභ්‍යාසය සාර්ථකව නිමා වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සත්කාරකත්වයෙන් හා රටවල් රැසක සහභාගිත්වයෙන් පුහුණු අභ්‍යාසය දින පහක් පුරා පැවති විය.
මෙම සමාප්ති උත්සවය සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා මහතා (විශ්‍රාමික), මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා මෙම සමාප්ති උත්සවය වෙත සහභාගී වන ලදි.