කොළොම්බියාවේ රත්‍රං පතලක් කඩාවැටී 7ක් සිරවෙයි

කොළොම්බියාවේ රත්‍රං පතලක් කඩාවැටී 7ක් සිරවෙයි

September 13, 2025   11:34 am

කොළොම්බියාවේ කෝකා හි නීති විරෝධි රත්‍රං පතලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු ඒ තුළ සිරවී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා සිට එම පිරිස මෙලෙස පතල තුළ සිරවී සිටින බව වාර්තා වේ.

ඔවුන් පොළොව මට්ටමේ සිට මීටර 28ක් ගැඹුරින් රැඳී සිටින බව සඳහන්.

කෙසේ වෙතත් මුදාගැනීම් කටයුතු සඳහා බලධාරීන්ගේ සහාය ප්‍රමාණවත්ව නොලැබෙන බවත්, ඒ හේතුවෙන් ප්‍රදේවාසීන් විසින් එම කටයුතු සිදුකරමින් සිටින බවත් විදෙස් වාර්තාවන්හි දැක්වේ.

අක්‍රමවත් නීති විරෝධි රත්‍රං පතල් බහුල කලාපයක් වන මෙම කෝකා ප්‍රදේශයේ මෙවැනි අනතුරු නිරන්තරයෙන් සිදුවන බව සඳහන්.