අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්
September 11, 2025 07:09 pm
2025 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 27/2025 චක්‍රලේඛය නිකුත් කර ඇත.
එම චක්‍රලේඛය ප්‍රකාරව 2025 අධ්‍යයන වර්ෂයේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරනු ලබන බව සඳහන් වේ.
ඒ අනුව, 2025.06.30 දිනට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවත්නා පුරප්පාඩු මේ සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කෙරේ.
එම පුරප්පාඩු සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලු ම අයදුම්කරුවන් 27/2025 චක්‍රලේඛයෙහි සඳහන් අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2025.09.26 දිනට පෙර සියලු අතිරේක ලේඛන ද සමග අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලියාපදිංචි තැපෑල මඟින් යොමු කළ යුතුය.