පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
September 11, 2025 09:33 am
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊට අදාළ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව එක් ඡන්දයක් හිමිවුණි.
ඒ අනුව වැඩි ඡන්දයෙන් සම්මත වූ අදාළ පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අත්සන් තබා පනතක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය.
'ජනපති හිමිකම් ඉවත් කිරීමේ' පනත් කෙටුම්පතට සිය සහතිකය ලබා දුන් බවද කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය.
පාර්ලිමේන්තු සජීවි විකාශය ඉහතින් දැක්වේ.