සයුරෙන් එතෙර
ලෝකයට අවශ්‍ය සාධාරණ වෙළඳාමක් බව ඉන්දියාව කියයි
September 9, 2025 07:54 pm
වෙළඳ හා ආර්ථික කටයුතු සඳහා ස්ථාවර පරිසරයක් ලෝකය අපේක්ෂා කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසයි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති BRICS හවුලේ සාකච්ඡා වටයකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.
එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා අමෙරිකාවේ තීරුබදු අර්බුදය සහ ගෝලීය වශයෙන් ඉන් එල්ලවන බලපෑම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් දක්වා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියානු ජනාධිපති පුටින් සහ කණ්ඩායම් නායකයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති සමුළුවට එස් ජයශංකර් සහභාගී වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරමිනි.