ශ්‍රී ලංකාව සහ UAE ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩිඡන්ද 163කින් සම්මතයි

ශ්‍රී ලංකාව සහ UAE ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩිඡන්ද 163කින් සම්මතයි

September 9, 2025   05:31 pm

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩි ඡන්ද 163කින් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

එනම් සුවිශේෂ බහුතර ඡන්දයකින් සම්මත වූ බව කථානායකවරයා විසින් සභාවට දැනුම්දුනි.

යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවූ අතර කිසිවෙකුත් ඡන්දය දීමෙන් වැළකී සිටියේද නැත.