නේපාලයේ සිටින ශ්‍රී ලංකිකයින්ට නිවේදනයක් 

නේපාලයේ සිටින ශ්‍රී ලංකිකයින්ට නිවේදනයක් 

September 9, 2025   05:16 pm

නේපාලයේ පැවැත්වෙන විරෝධතා හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් +977- 9851048653 අංකයෙන් පැය 24 පුරාම දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා, නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියේ සෑම විටම ජලය සහ වියළි ආහාර සැපයුමක් තබා ගන්නා ලෙසය.

එමෙන්ම ඖෂධ භාවිතා කරන පුද්ගලයින් සෑම විටම ඒවා ළඟ තබා ගත යුතු බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා ඉල්ලා තිබේ.

නේපාලයේ පවතින තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බවත්, නේපාලයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය සහ ප්‍රජා නායකයින් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධතා පවත්වන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

නේපාලය තුළ සිසුන් 22ක් ඇතුළුව ශ්‍රී ලංකිකයන් 99ක් එරට සිටින අතර තානාපති කාර්ය මණ්ඩලයද ඊට අයත් බවත් මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් වාර්තා වී නොමැති බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය  වැඩිදුරටත් පැවසීය.