විරෝධතා හමුවේ නේපාල අගමැති ඉල්ලා අස්වෙයි

විරෝධතා හමුවේ නේපාල අගමැති ඉල්ලා අස්වෙයි

September 9, 2025   02:34 pm

රට පුරා පවතින අඛණ්ඩ දූෂණ විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි අද (09) ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

භක්තපූර්, බෝල්කොට් හි ඇති ඔහුගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බව සඳහන් වේ.

මේ අතර නේපාලයේ පවතින විරෝධතා උත්සන්න වීම හේතුවෙන් එරට ට්‍රිබුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දමා තිබේ.

ඒ අනුව යළි දැනුම්දෙන තුරු දේශීය සහ විදේශීය ගුවන් ගමන් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පවතින විරෝධතා මධ්‍යයේ ගුවන්තොටුපොළේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් ද යොදවා තිබේ.