ලන්ඩන් විරෝධතාවෙන් අත්අඩංගුවට ගත් පිරිස 900ක් දක්වා ඉහළට
September 7, 2025 09:55 pm
පලස්තීනයට සහාය දක්වමින් ලන්ඩන් නුවර දී පැවති විරෝධතාවෙන් මේ වනවිට පුද්ගලයින් 900කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය පැවසීය.
'පලස්තීන ඇක්ෂන් ගෘෘප්' නම් සංවිධානයක් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
කෙසේ වෙතත් එම සංවිධානයට බ්‍රිතාන්‍ය තුළ විරෝධතා සංවිධානය කිරීම තහනම් වන අතර, ඒ හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
මෙම සංවිධානය ඉකුත් ජූලි මාසයේ පැවති විරෝධතාවක දී එරට රාජකීය ගුවන් හමුදා කඳවුරකට කඩාවැදී හමුදා ගුවන් යානාවලට සිදුකර තිබූ හෙයින් ඔවුන් බ්‍රිතාත්‍ය තුළ තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබේ.
ඒ හේතුවෙන් එම සංවිධානය සංවිධානය කරන විරෝධතාවන්ට සහභාගිවීම එරට වැසියන්ට තහනම් බව බ්‍රිතාත්‍ය රජය දන්වා තිබුණි.
කෙසේ වෙතත් විරෝධතා මධ්‍යයේ එම සංවිධානය පසුගිය අගෝස්තු මාසයේ දී විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර, එහිදී ද පුද්ගලයින් 500ක් පමණ එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.