බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය  අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය අභාවප්‍රාප්ත වෙයි

September 5, 2025   10:31 pm

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 92 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ පළමු ඥාති සහෝදරයා වන එඩ්වඩ් කුමරු සමඟ විවාහ වූ කෙන්ට් ආදිපාදවරිය රාජකීය පවුලේ වයස්ගතම සාමාජිකාවද වනවා.

කෙසේ වෙතත් බකිංහැම් මාලිගය විසින් අද (05) නිවේදනයක් නිකුත් කරමින් ඇයගේ වියෝව නිල වශයෙන් නිවේදනය කර තිබුණි.