ජෝ බයිඩන්ට සැත්කමක්
September 5, 2025 03:19 pm
සමෙහි පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදින අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක් සිදු කර ඇත.
82 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා, දීර්ඝ කාලයක සිට පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිට ඇති අතර පසුගියදා ඔහු ශල්‍යකර්මයකට ලක්ව ඇති බවට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
2023 වසරේදී ද හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක් සිදු කර තිබූ බව සඳහන් වේ.
බයිඩන්ගේ වැඩිමහල් පුත්‍රයා ද 2015 වසරේදී පිළිකාවකට ගොදුරු වී මිය ගොස් තිබුණි.