තියුණු ආයුධකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ

තියුණු ආයුධකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ

September 4, 2025   06:48 pm

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වන රජාංගනය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි.

අදාළ කාන්තාව මීට මාස තුනකට පෙර සිය ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් ඔහුගෙන් වෙන්ව තම මහගෙදරට පැමිණ ජීවත්ව සිට ඇති බව වාර්තා වේ.

ඇය ඊයේ රාත්‍රියේ දී නිවස ඉදිරිපසට වී දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටිය දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙසේ ඇයට තියුණු ආයුධයකින් පහර දී ඇත.

පහර කෑමට ලක්වූ කාන්තාව එම අවස්ථාවේදීම රාජාංගනය යාය 05 මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට රැගෙන යන විටත් ඇය මියගොස් සිටි බව සඳහන් වේ.

රාජාංගනය පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.