කේරළ ගංජා කිලෝ ගණනක් මන්නාරම මුහුදු තීරයෙන් හමුවෙයි
September 3, 2025 04:39 pm
පොලිස් දිනයට සමගාමීව සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 900කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
මන්නාරම ප්‍රදේශයේ පොලීසිය සහ නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.
අදාළ කේරළ ගංජා තොගය මන්නාරම මුහුදු තීරයෙන් ධීවර යාත්‍රාවත් උපයෝගි කරගනිමින් මෙරටට රැගෙන ඒමට උත්සහා කිරීමේ දී සොයාගෙන ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේදී යාත්‍රාෙව් සිටි පුද්ගලයින් පලාගොස් ඇති බව වාර්තා වේ.
වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ශ්‍යාමන්න විජේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදුකරයි.