හරක් කටා ඝාතන සැලසුමේ තවත් අයෙක් අත්අඩංගුවට

හරක් කටා ඝාතන සැලසුමේ තවත් අයෙක් අත්අඩංගුවට

September 3, 2025   04:15 pm

මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටින වෙඩික්කරුවකු යොදවා කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී නදුන් චින්තක නොහොත් 'හරක් කටා' ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් තවත් අයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ඝාතන සැලසුමේ මාධ්‍යවේදියාගේ කැමරාව තුළ මි.මී. 3.8  වර්ගයේ ගිනි අවිය බහා සූක්ෂම ලෙස සැකසූ පෑස්සුම්කරුය.

අදාළ සැකකරු උඩුගම්පොල, දොඹවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙකු වන අතර, ඔහු සිය නිවසේදී අත්අඩංගුවට පත්ව ඇත.

මෙම හරක් කටා ඝාතනය කිරීමට සැලසුම්  සම්බන්ධයෙන් ඊයේ (2) පහත්බිම් ගොඩකිරීම් මණ්ඩලයේ රියදුරෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත බැකෝ සමන් තමාට එම කැමරාව හා ගිනිඅවිය ලබාදුන් බවය.

කෙසේ වෙතත් ඔවුන් අත්අඩංගුවට පත්වීමෙන් පසුව තමන් ඒවා ගිනිතබා විනාශ කළ බව පවසා තිබේ.