ෂී ජිංපින් එක්සත් ජනපදයට එරෙහි කුමන්ත්‍රණයක බව ට්‍රම්ප් කියයි
September 3, 2025 11:01 am
චීනයේ 80 වන විජයග්‍රාහී සැමරුමට සහභාගී වූ චීන ජනපති, ෂී ජිංපින් එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණයක් සිදුකරන බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබේ.
එම විජයග්‍රාහී සැමරුම පැවැත්වෙන අතරතුර ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
"ජනාධිපති ෂී ජිංපින්ට සහ චීනයේ ජනතාවට ශ්‍රේෂ්ඨ හා කල් පවතින සැමරුම් දිනයක් වේවා. ඔබ අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කරන බැවින් කරුණාකර ව්ලැඩිමීර් පුටින්ට සහ කිම් ජොන් උන්ට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන්න."
දෙවන ලෝක යුද්ධයේදී ජපානය චීනයට යටත් වීමේ 80 වන සංවත්සරය සනිටුහන් කළ හමුදා පෙළපාළිය අද (03) චීනයේ දී පැවැත්වුණි.
චීන ජනාධිපති ෂී ජිංපින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම යුද සැමරුමට සහාභාගී වී සිටීම විදෙස් මාධ්‍යයන්ගේ අවධානයට භාජනය වුණි.