තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ
August 30, 2025 03:16 pm
හබරාදුව - අමුකොටුව ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ පිලාන, අඟුලුගහ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.