අධිකරණය ළඟ නීති විරෝධීව හැසිරුණු අය ගැන විමර්ශනයක්

අධිකරණය ළඟ නීති විරෝධීව හැසිරුණු අය ගැන විමර්ශනයක්

August 27, 2025   05:06 pm

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීති කෘත්‍ය ඊයේ (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රය අසල නීතිවිරෝධී අයුරින් හැසිරුණු පිරිස් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් නියෝගයක් ලබාදී තිබේ.

අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව පැවසීය.

"අධිකරණය විසින්ම පැහැදිලි නියෝගයක් ලබාදුන්නා නීතිවිරෝධිව අනීතික ලෙස රැස්වීම පිළිබඳ විමර්ශනයක් සිදුකර ගරු අධිකරණයට ඊළඟ දිනයේ දී වාර්තා කරන්න. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ඉදිරියේදී අධිකරණයට වාර්තාවක් සපයන්න නියමිතයි" යනුවෙන් හෙතෙම පැවසීය.