පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී තිදෙනෙක් මරුට

පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී තිදෙනෙක් මරුට

August 27, 2025   08:34 am

කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන 7.10ට පමණ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. 

අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු අනතුර සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

"මම ත්‍රිවිල් එකේ ඉඳගෙන ඉන්නකොට දැක්කා වෑන් එක හැප්පෙනවා. ඉස්කෝල ළමයි 7ක් 8ක් හිටියා. ඔක්කෝම අරගෙන වාහනවලට පැටෙව්වා. ටිපර් එකේ වැදුණේ. වෑන් එකේ රියදුරු මහත්තයා බලාගෙන ඉන්නකොටම ඇදගෙන වැටුණා. එයා නැති වුණා. ළමයි දෙන්නෙක් හිටියා නැතිවෙලා. අපි පුළුවන් තරම් වාහනවලට පැටෙව්වා. එක ළමයෙක් හොඳ තත්ත්වයෙන් හිටියා."