පළාත් පාලන ආයතනවලට බරවාහන අලුතින් මිලදී ගැනීමට තීරණයක්

පළාත් පාලන ආයතනවලට බරවාහන අලුතින් මිලදී ගැනීමට තීරණයක්

August 26, 2025   05:43 pm

පළාත් පාලන ආයතන සදහා අවශ්‍ය බරවාහන අලුතින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා සදහන් කළේ ඇතැම් පළාත් පාලන ආයතනවල ග්‍රාමීය සංවර්ධනය සදහා අවශ්‍ය බැකෝ වැනි යන්ත්‍ර එලෙස මිල දී ගැනීමට නියමිත බවය.

බොහෝ පලාත් පාලන ආයතන සතුව එවැනි යන්ත්‍ර මේ වන විට නොමැති බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම පවතින යන්ත්‍ර භාවිතයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ පවතින බවට හදුනාගෙන ඇති බැවින් අදාළ පළාත් පාලන ආයතන සදහා අවශ්‍ය බරවාහන අලුතින් මිලදී ගැනීමට කටයුතු කරන බවද අමාත්‍ය චන්දන අබේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.