වෛද්‍ය හේමන්ත රණසිංහට ඇප

වෛද්‍ය හේමන්ත රණසිංහට ඇප

August 26, 2025   02:19 pm

අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වර්තමාන වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවය කළ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය  නියෝග කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් සහ ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් සහ විදේශ ගමන් තහනමක් සමගින් ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

2024 වසරේ ඔහු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සමයේදී අල්ලසක් ලබාගැනීමක් පිළිබඳ වූ චෝදනාවක් ඔහු මින් පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.