රනිල් වෙනුවෙන් එජාපයේ ප්‍රධානීන් අස්ගිරි මහානාහිමි බැහැදකී
August 26, 2025 10:22 am
එකසත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද (26) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා, පක්ෂ මහා ලේකම් තලතා අතුකෝරල මහත්මිය විසින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය සහ රට තුළ පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව මහා නායක හිමි ඇතුළු මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර තිබේ.
එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවතින සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් ද උන්වහන්සේගේ ආශීර්වාද ලබාගෙන ඇත.