බොරලැස්ගමුවේ වෙඩි තැබීමේ වෙඩික්කරු අත්අඩංගුවට
August 26, 2025 06:51 am
බොරලැස්ගමුව පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 24 වනදා අළුයම් කාලයේ බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් ගිය පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර තිබුණි.
ඒ අනුව, අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.
සිදුකල විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මගින් මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියාකල සැකකරුව ඊයේ (25) දහවල් මහරගම පොලිස් වසමේ නාවින්න ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 550 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
පසුව වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර තිබේ.
සැකකරු වයස අවුරුදු 24 ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.