වියට්නාමයට සුළි කුණාටු අවදානමක්

වියට්නාමයට සුළි කුණාටු අවදානමක්

August 25, 2025   11:43 am

සුළි කුණාටුවක අවධානමක් හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් ලක්ෂ 05කට අධික පිරිසකට එරට බලධාරීන් විසින් ඉවත් වීමේ නිවේදන නිකුත් කර තිබේ.

‘කජිකි‘ ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200ක වේගයකින් වියට්නාමය හරහා හමායනු ඇති බවට අපේක්ෂා කරන බව එරට  බලධාරීන් සඳහන් කළේය.

ඒ අනුව තාන් හොවා, කුවාම්, ඩා නෑන්ග් යන ප්‍රදේශවල පදිංචිකරුවන් 586,000ක පිරිසක් පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇත.

සුළි කුණාටුවත් සමඟ අධික වර්ෂාපතනයක් ද අපේක්ෂා කරන අතර එම ප්‍රදේශ ආශ්‍රිතව ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

කජිකි සුළි කුණාටුවෙන් චීනයේ හයිනෑම් ප්‍රදේශයට ද බලපෑම් එල්ලවූ අතර සුළි කුණාටුවත් සමඟ මිලිමීටර් 320ක වර්ෂාපතනයක් ද වාර්තා වී තිබුණි.