කළුතර කලමුල්ල මුහුදු තීරයේ දිය නෑ සිසුන් දෙදෙනෙක් අතුරුදන්

කළුතර කලමුල්ල මුහුදු තීරයේ දිය නෑ සිසුන් දෙදෙනෙක් අතුරුදන්

August 24, 2025   10:16 pm

කළුතර කලමුල්ල ප්‍රදේශයේ මුහුදේ අද (24) පස්වරුවේ දියනැමට ගිය පාසල් සිසුන් තිදෙදෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති අතර එක් සිසුවෙකු දිවි බේරාගෙන ඇති බව පයාගල පොලීසිය පවසයි.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ පානදුර එළුවිල සහ හොරණ ගල්පාත ප්‍රදේශයේ  පදිංචිව සිටී මිහින් සන්හිඳ සහ නෙතුම් නෙත්සර නමැති  15 හැවිරිදි  පාසල් සිසුන් දෙදෙනෙකි.

ඔවුන් තිදෙනා හොරණ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවත්, පෞද්ගලික උපකාරක පංතියකට සහභාගි වීමට පැමිණි අතරතුර කලමුල්ල ශාන්ත අන්තෝනි මාවත කෙලවර මුහුදු වෙරලේ දියනාමින් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය පවසයි.

කළුතර නාවික හමුදා ජීවිත ආරක්ෂක නිළධාරීන් සහ පයාගල පොලීසිය සමග එක්ව ධීවරයින් මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසයි.