දෙරණ සිග්නල් - රාත්‍රී සරුංගල් සැණකෙළියත් ඇරඹෙයි
August 24, 2025 06:41 pm
2025 දෙරණ කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
අද (24) පස්වරු 1.00ට ආරම්භ වූ සරුංගල් සැණකෙලිය නැරඹීම සඳහා දිවයිනේ නන්දෙසින් ජනතාව විශාල පිරිසක් ගාලුමුවදොර පිටිය වෙත පැමිණියේය.
මෙවර සරුංගල් සැණකෙළිය සඳහා රටවල් 25ක් නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගකරුවන් 55 දෙනෙකු ද සහභාගී විය.
දෙරණ කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියට සමගාමීව රාත්‍රී සරුංගල් සැණකෙළියක් ද පැවැත්වීමට නියමිතය.
සරුංගල් සැණකෙළිය අවසානයේ අද රාත්‍රී 8 සිට ගාලුමුවදොර පිටියේදී "ඇවටා" සංගීත කණ්ඩායමේ ප්‍රසංගයකින් සැණකෙළිය වර්ණවත් වෙනු ඇත.