මහවැලි ගඟේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට
August 23, 2025 08:23 pm
පොල්ගොල්ල මහවැලි වේල්ලට ආසන්නයේ උඩඟුන්නෑපාන ප්‍රදේශයේ දී දියේ ගිලීමෙන් තරුණයෙකු අද (23) ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ තරුණයා මිතුරන් පිරිසක් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුරට ලක්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි සංදීප කුමාර නැමැති තරුණයෙකි.
කෙසේ වෙතත් මේ බව මහවැලි අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොල්ගොල්ල වේල්ල දොරටු වසා පහළ කොටසේ ජලය අඩු කිරීමෙන් පසුව මියගිය තරුණයාගේ මළ සිරුර දියේ තිබී සොයාගෙන තිබේ.