චීනයේ පාලමක් කඩා වැටී 07ක් මරුට
August 23, 2025 02:19 pm
චීනයේ ඉදිකරමින් පවතින පාලමක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ අනතුරින් තවත් පුද්ගලයින් 09 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.
පාලම ඉදිකරන අවස්ථාවේ එහි කම්කරුවන් 15 දෙනෙකු සේවය යෙදී සිට ඇති බව සදහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාලමේ පවතින කඹ කැඩී යාම හේතුවෙන් පාලම කඩා වැටී ඇති බවය.