මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
August 23, 2025 04:06 pm
රාගම, කැන්දලියද්දපාලුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය.
සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 8ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 666ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් අට ලක්ෂ විසිතුන් දහසක මුදලක්, විද්‍යුත් තරාදි 3 ක්, ජංගම දුරකථන 4 ක්, ව්‍යාජ අංක තහඩු 6ක්, මෝටර් රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදි දෙකක් ද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 හා 42 යන වයස්වල පසුවන හෝකන්දර සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනුදැනුම මත සිදුකර ඇති බවය.
මොවුන් කුලී පදනම මත ලබාගත් නිවසක රැදී සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී තිබේ.