අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගනී
August 23, 2025 01:55 pm
මාන්කුලම්, පාලප්පානි ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබේ.
මියගිය කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල ද දක්නට ලැබුණු බව පොලිසිය පැවසුවේය.
එමෙන්ම ඇය පැළදී සිටි රන් ආභරණ ද අස්ථාන ගත වී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි පාලප්පානි ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.