සයුරෙන් එතෙර
ඉන්දියාව සහ රුසියාව අතර ඉහළ මට්ටමේ සාකච්ඡාවක්
August 22, 2025 02:21 pm
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී තිබේ.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ මොස්කව් අගනුවර පිහිටි ක්‍රෙම්ලිනයේදී එම හමුව සිදුවූ බවය.
නිල සංචාරයක් සඳහා රුසියාවට ගොස් සිටින ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී දෙරට අතර වෙළෙඳ සබඳතා පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.
එමෙන්ම ගෝලීය තත්ත්වය සහ යුක්‍රේන යුද්ධයේ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව ද රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවද අමාත්‍ය ජයශංකර් සඳහන් කර ඇත.