සියලුම මාර්ගයන්හි දුම්රිය ප්‍රමාදයක්

සියලුම මාර්ගයන්හි දුම්රිය ප්‍රමාදයක්

August 21, 2025   08:14 pm

දෙමටගොඩ දුම්රිය අංගනය අසල දී දුම්රියක් වැරදි මංතීරු මත ගමන්කිරීමේ ඇති වූ අවහිරතාවකින් මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.

අද (21) ප.ව. 6.45ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත තිබූ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස ගමන්කර ඇත.

ඒ හේතුවෙන් ඇතිවූ මාර්ග අවහිරතාවයෙන් ඉහළ සහ පහළ දෙසට ධාවනයවීමට නියමිත සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවනු ඇති බව සඳහන්.