වසර 33කට පසු මැකේ ක්‍රීඩාංගණයට ජාත්‍යන්තර ක්‍රිකට්
August 22, 2025 12:02 pm
සංචාරක දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය මැකේ ක්‍රීඩාංගණයේ දී අද (22) ආරම්භ විය.
මෙම ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර පිරිමි ක්‍රිකට් තරගයක් පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන අතර, සත්කාරක ඔස්ට්‍රේලියාව එහි ක්‍රීඩාකරන පළමු අවස්ථාව මෙයයි.
මැකේ ක්‍රීඩාංගණය ජාත්‍යන්තරය සඳහා විවෘත වූයේ 1992 පැවති එක්දින ලෝක කුසලානයේදීය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එම තරගය පැවති අතර, වසර 33ක් පුරා එතෙක් මෙතෙක් එම ක්‍රීඩාංගණයේ ක්‍රීඩාකළ එකම ජාත්‍යන්තර පිරිමි ක්‍රිකට් තරගය එය විය.
කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් එම තරගයද පන්දු 2ක් පමණක් ක්‍රීඩාකර අතහැර දැමීමට සිදුව ඇත.
1968 වසරේ දී ස්ථාපිත කළ මැකේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් 10,000කට එකවර අසුන්ගත හැකිය.