බොරැල්ලේ වෙඩිතැබීමට වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිකරු අත්අඩංගුවට

බොරැල්ලේ වෙඩිතැබීමට වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිකරු අත්අඩංගුවට

August 20, 2025   08:34 pm

බොරැල්ල, සිරිසර උයන ක්‍රීඩාංගණයේදී තරුණයන් 5 දෙනෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු රැගෙන යතුරුපැදිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් කඩවත ප්‍රදේශයේ ලැගුම්හලක සැඟවී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී ඉකුත් 7 වනදා රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදු වූ අතර, ඉන් තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි විය.