දෛනික පොලිස් සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

දෛනික පොලිස් සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

August 18, 2025   05:18 pm

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අරමුණින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වන විට දෛනිකව ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කරමින් පවතී.

ඒ අනුව එම සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (17) දිනයේදීද ශ්‍රී ලංකා පොලීසියෙත්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 6,223 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

එහිදී පුද්ගලයින් 25,303 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 10,233ක් සහ යතුරුපැදි 7,675ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර තිබේ.

ඒ අනුව එකී සෝදිසි මෙහෙයුමේදී පුද්ගලයින් මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයින් 922 සහ අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයින් 19 දෙනෙකු මෙන්ම වරෙන්තුකරුවන් 431 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තවද මෙම මෙහෙයුම් මගින් නීති විරෝධී ගිනි අවි 03ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.