සයුරෙන් එතෙර
Air Canada සේවක වර්ජනය අඛණ්ඩව
August 18, 2025 12:34 pm
පසුගිය සතියේදී තමන් ආරම්භ කළ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එයාර් කැනඩා ගුවන් සේවක සේවිකාවන් තීරණය කර තිබේ.
ඔවුන් මෙලෙස වෘත්තීමය ක්‍රියාමාර්ගවලට එළඹී ඇත්තේ එම ගුවන් සේවාව හඳුන්වාදුන් නව රැකියා කොන්ත්‍රාත් ක්‍රමයකට විරෝධය පළකරමිනි.
දින කිහිපයක් පැවති මේ වැඩවර්ජනයට ගුවන් සේවක සේවිකාවන් 10,000කට වැඩි පිරිසක් එක්ව සිටි අතර, ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර සිය ගණනක් අවලංගු වීමෙන් මගීන් 130,000 ඉක්මවූ පිරිසක් අපහසුතාවට පත්ව තිබුණි.
එම ගුවන් සේවයේ ගුවන් සේවකයින් මෙලෙස වෘත්තීමය ක්‍රියාමාර්ගයක් සඳහා එලඹ ඇත්තේ 1985 වසරින් පසු පළමුවරට ය.