'හැකියාවටත් රැකියාවටත් අත්වැලක්' කැස්බෑව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී
August 18, 2025 01:44 pm
'හැකියාවටත් රැකියාවටත් අත්වැලක්' යන මැයෙන් රැකියා පොළක් හෙට (19) කැස්බෑව ප්‍රාදේශිය මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එමගින් රැකියා අපේක්ෂිතයන් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දීමට නියමිතය.
ඊට අමතරව වෘත්තීය පුහුණුව සහ උසස් අධ්‍යාපනය සඳහා යොමු වීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් සඳහා ද අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම මෙම රැකියා පොළ හරහා ලබා ගැනීමට හැකියාව ඇත.
විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා සපයන ආයතන 25 ක් සහ වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ආයතන 10 ක් එදිනට සහභාගී වීමට නියමිතව තිබේ.
ඒ අනුව පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා යොමු වීමට, විදේශීය රැකියා අවස්ථාවන් පිලිබඳව දැනුවත් වීමට, රැකියා අවස්ථාවන් සඳහා මූලික සම්මුඛ පරීක්ෂණ වෘත්තීය පුහුණු පාඨමාලාවන් වෙත යොමු වීමට, උසස් අධ්‍යාපන අවස්ථාවන් වෙත යොමු වීමට, ස්වයං රැකියා, ව්‍යවසායකත්ව අවස්ථාවන් සඳහා යොමු වීම සහ මග පෙන්විම මෙන්ම වෘත්තීය මාර්ගෝපදේශ සේවා ලබා ගැනිමට ද අවස්ථාව පවතියි.
කම්කරු අමාත්‍යංශය, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්ත්මේන්තුව එක්ව සංවිධාන කරන මෙම රැකියා පොළ සඳහා කිසිදු අය කිරීමක් සිදු නොකෙරේ.
හෙට පෙ.ව. 8.30 සිට ප්‍රාදේශිය මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ වන මෙම රැකියා පොළ සඳහා 071 804 6191 යන වට්සැප් අංකය ඔස්සේ ලියාපදිංචි විය හැකිය.