ගාල්ලේ සුනඛ ගැටලුව නිසා සංචාරකයින් පීඩාවට

ගාල්ලේ සුනඛ ගැටලුව නිසා සංචාරකයින් පීඩාවට

August 15, 2025   03:24 pm

ගාල්ල නගරයේ සහ ගාල්ල කොටුව ප්‍රදේශයේ සුනඛ ගැටලුව උග්‍රවීමෙන් සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව තිබේ.

ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

නිරන්තරයෙන් සංචාරයකින්ගේ පිරී පවතින මෙහි අද වනවිට සුනඛ ගහනය බහුල වී තිබේ.

ඒ කිසිවෙකුගේ රැකවරණය නොමැතිව සිටින සුනඛයින් ගාලු කොටුව ප්‍රදේශයේ හා නගරයේ වීථීවල සැරිසැරීම හේතුවෙනි.

ප්‍රදේශවාසීන් පවසන්නේ, දේශීය සංචාරකයින් මෙන්ම විදේශීය සංචාරකයින්ගේ නිතර සුනඛ සපාකෑම්වලට ලක්වන බවය.

ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකයින් ද පීඩාවට පත්ව සිටී.

කෙසේ වෙතත් සුනඛ ගහනය පාලනය කිරීම සඳහා සුනඛයින් වන්ද්‍යාකරණයට ලක්කරන ආයතන ද මේ වනවිට ගාල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යෑමට ඇතැම් පිරිස් කටයුතු කර ඇත.