ඉන්දීය විදේශ ඇමති රුසියාවට යෑමට සැරසෙයි
සයුරෙන් එතෙර

ඉන්දීය විදේශ ඇමති රුසියාවට යෑමට සැරසෙයි

August 14, 2025   03:48 pm

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් රුසියානු සංචාරයකට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ ලබන සතියේදී ඔහු රුසියාවට පැමිණෙනු ඇති බවය.

එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම රුසියානු සංචාරය සිදුකෙරෙන්නේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත්  දෝවාල්ගේ රුසියානු සංචාරයෙන් අනතුරුව වීමද විශේෂත්වයකි.

ජයිශංකර්ගේ මෙම රුසියානු සංචාරයේදී මෙම වසර අගදී සිදු කිරීමට නියමිත රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඉන්දීය සංචාරය සඳහා කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි පැවසෙයි.