ඉන්දු - යේමන බලධාරීන් සෞදියේ සාකච්ඡා
සයුරෙන් එතෙර

ඉන්දු - යේමන බලධාරීන් සෞදියේ සාකච්ඡා

August 14, 2025   10:48 am

යේමනයේ ඉන්දීය තානාපති සහ යේමනයේ ජනාධිපති නායකත්ව මණ්ඩලයේ සභාපති රෂාඩ් අල්-අලිමි අතර හමුවක් සිදුවී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ සෞදියේ රියාද් හිදී මෙම හමුව සිදුවී ඇති බවය.

එහිදී එම නියෝජිතයින් දෙරටේ සබඳතා සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, ඉන්දියාව යේමනයේ ස්වාධීනවීමට සක්‍රීයව සහාය දුන් මුල් රටවලින් එකක් වෙයි.

ඉන්දියානු රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2021-22 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාව සහ යේමනය අතර සම්පූර්ණ ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 1.07 කි.