අතුරුදන් කිරීම් ගැන නව පැමිණිලි නැහැ

අතුරුදන් කිරීම් ගැන නව පැමිණිලි නැහැ

August 13, 2025   01:58 pm

අතුරුදන් වූවන් හෝ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම පිළිබඳව නව පැමිණිළි කිසිවක් පසුගිය වර්ෂය තුළ ලැබී නොමැති බව අතුරුදන් වූවන්ගේ කාර්යාලය පවසයි.

රජයේ බලධාරීන් විසින් හෝ වෙනත් පාර්ශ්වයක් විසින් කරවන ලද සිදුවීම්ද කිසිවක් වාර්තාවී නොමැති බව එම කාර්යාලය පවසයි.

කෙසේවෙතත් රජය විවේචනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් භාවිත කරන බවට සඳහන් වෙයි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2024 මානව හිමිකම් වාර්ෂික වාර්තාව මගින් මේ බව අනාවරණය කරයි.

එම වාර්තාවට අනුව 1983 -2009 සිවිල් යුද්ධයෙන් සහ 1988-89 කැරැල්ලෙන් සිදුවූ බව කියන මානව හිමිකම් චෝදනා විමර්ශනය කිරීමේදී ඉතා සුළු ප්‍රගතියක් දක්නට ලැබෙන බව පෙන්වාදී තිබේ.

මෙරට මානව හිමිකම් උල්ලංඝනය කළ නිලධාරීන් හඳුනාගෙන දඬුවම් කිරීමට රජය අවම පියවර ගෙන ඇති බවද එම වාර්තාවේ දැක්වෙයි.