බොරැල්ලේ වෙඩිතැබීමේ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට

බොරැල්ලේ වෙඩිතැබීමේ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට

August 11, 2025   07:24 am

බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24, 25 සහ 40 වියේ පසුවන්නන් බව පොලීසිය පැවසීය.

මෙම වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවකු පොලීසිය විසින් මීට පෙර ද අත්අඩංගුවට ගෙන තිබුණි. 

ඔහු මේ වනවිට දින තුනක රැදවුම් නියෝග ගෙන ප්‍රශ්න කරමින් සිටියි.

පසුගිය 7වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර, එහිදී තුවාල ලැබූ පස් දෙනෙකු රෝහල්ගත කළේය.

කෙසේ නමුත් ඉන් දෙදෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.