බොරැල්ලේ වෙඩිතැබීමෙන් තවත් තරුණයෙක් මරුට
August 10, 2025 10:56 pm
බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී ඉකුත් 7 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි තවත් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
මියගිය පුද්ගලයා 23 හැවිරිදි වියේ පසුවන අයෙකු බව පොලීසිය පැවසීය.
ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වී ඇත.