බ්‍රසීලයේ බස් - ට්‍රක් රථ අනතුරකින් 11ක් මරුට
August 10, 2025 01:40 pm
බ්‍රසීලයේ මාතෝ ග්‍රෝසෝ ප්‍රාන්තයේ මහා මාර්ගයකදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
මගී ප්‍රවාහන බස් රථයක් සහ ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අනතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 45ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.
ඉන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් බලධාරීන් පැවසුවේය.