යෙවාන් ඩේවිඩ් අලුත් ඉතිහාසයක් අරඹයි
August 8, 2025 10:19 pm
ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියරක් (Formula 3) නියෝජනය කිරීමට සුදුසුකම් පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් පත්ව තිබේ.
ඔහු මේ වනවිට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරගවදින අතර, එහිදී මේ දක්වා ජයග්‍රහණ හතරකට හිමිකම් කියයි.
එමෙන්ම 2024 දී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතාවලි සඳහා ද තරග වැදී තිබේ.
F3 අදියරට උසස්වීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තම රටෙන් ශූරතාවලියට තරග කරන පළමු රියදුරු වීම ගැන ආඩම්බර වන බවත්, අවස්ථාව ලැබීම ගැන කෘතඥ වන බවත්ය.
2026 වාරය සඳහා AIX රේසිං සමග අත්සන් කිරීමට ලැබීම හේතුවෙන් යොවාන්ට මෙලෙස FIA ෆෝමියුලා 3 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබේ.