ඇසළ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකෙරේ
August 9, 2025 09:23 am
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ නිමාව සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රය වන දිය කැපීමේ මංගල්‍යය අද (9) පෙරවරුවේ සුබ නැකැතින් සිදු කළේය.
අවසන් රන්දෝලි මහා පෙරහර නිමා වී සධාතුක කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කර, සිව්මහා දේවාලයන්හි පෙරහර සමග මහවැලි ගඟේ ගැටඹේ තොටුපොළේදී මෙම දිය කැපීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබීය.
මෙම දිය කැපීමේ කටයුතු සිදු කරනු ලැබුවේ නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව්මහා දේවාලයන්හි කපු මහතුන් විසින්ය.
ඒ අනුව පෙර වර්ෂයේ දියකෑපීමේ දී ලබා ගන්නා පැන් හා ඇසළ පෙරහර වෙනුවෙන් උපයෝගී කරගත් පනස වෘක්ෂයේ (කොස් ගස) ශාඛාව මෙන්ම ඒ අවස්ථාවේදී අනෙකුත් ද්‍රව්‍යයද මෙහිදී මහවැලි ගඟේ පාකර හරිනු ලැබීය.
ඉන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රධාන සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් විසින් සම්ප්‍රදානුකූලව පෙරහැර සංදේශය ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් පසු මෙවර ඇසළ මහ පෙරහර මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත්වේ.