සයුරෙන් එතෙර
අමෙරිකාවේ අමතර බදු පැනවීමට ඉන්දියාවෙන් ප්‍රතිචාර
August 7, 2025 04:55 pm
අමෙරිකාවේ අන්‍යෝන්‍ය තීරුබදු යටතේ ඉන්දීය ආනයන මත පැනවූ සියයට 25ක තීරුබද්දට අමතරව සියයට 25ක අතිරේක තීරුබදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය ඊයේ තීරණය කර තිබුණි.
ඒ ඉන්දියාව අඛණ්ඩව රුසියානු ඉන්ධන මිලදීගනිමින් රුසියාව පොහොසත් කරමින් සිටින බවට චෝදනා කරමිනි.
දඩයක් ලෙස පැනවූ නව සියයට 25ක තීරුබද්දත් සමඟ ඉන්දීය ආනයන මත පනවා ඇති අමෙරිකානු තීරුබදු ප්‍රතිශත සියයට 50 දක්වා ඉහළ දමා තිබේ.
අමෙරිකාවේ 'දඬුවම්' තීරුබද්ද සම්බන්ධව ප්‍රතිචාර ලෙස ඉන්දියාව පවසන්නේ, ජාතික අභිලාෂයන් ආරක්ෂා කරගැනීම සඳහා ඕනෑම ආකාරයක සම්බාධක පිළිගැනීමට සූදානම් බවය.
එමෙන්ම මෙවන් අතිරේක තීරුබද්දක් පැනවීම දැඩි අවාසනාවන්ත සිදුවීමක් බවද ඉන්දියාව වැඩිදුරටත් පවසයි.
එමෙන්ම ඉන්දියාව පවසන්නේ ආනයනයන් වෙළෙඳපොළ සාධක මත පදනම් වී ඇති බවය.
ඉන්දියාවේ සිය ජනතාවගේ බලශක්ති සුරක්ෂිතභාවය සහතික කිරීමේ සමස්ත අරමුණින් ඉන්ධන ආනයනය සිදුකර ඇති බවත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනටමත් සිය ස්ථාවරය පැහැදිලි කර ඇති බවත් ඉන්දියාව ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.