දිවයින පුරා විශේෂ මෙහෙයුමක්
August 7, 2025 05:09 pm
මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 838 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 20 දෙනෙකු හා වරෙන්තකරුවන් 675 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කර තිබේ.
එහිදී පුද්ගලයන් 25,755 දෙනෙක්ද වාහන 10,602ක්ද යතුරු පැදි 7,998ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.
එමෙන්ම මෙම මෙහෙයුම් හරහා නීති විරෝධී ගිනි අවි 4ක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
බීමත් රියදුරන් 86ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3,828ක් සදහාද පොලීසිය නෛතික පියවර ගෙන තිබේ.