වෙළෙඳ ශක්තිය වර්ධනය කිරීමට ඉන්දු - රුසියා යළි ගිවිසුම්ගත වෙයි
සයුරෙන් එතෙර

වෙළෙඳ ශක්තිය වර්ධනය කිරීමට ඉන්දු - රුසියා යළි ගිවිසුම්ගත වෙයි

August 7, 2025   09:30 am

ඉන්දියාව සහ රුසියාව නවීකරණය සහ කාර්මික සහයෝගීතාව පිළිබඳ නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්දියා-රුසියා ක්‍රියාකාරී කණ්ඩායමේ 11 වැනි සැසියේදී පොහොර, දුම්රිය මාර්ග සහ පතල් තාක්‍ෂණය පිළිබඳ මෙලෙස සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇති බවය.

ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයට අනුව "උපායමාර්ගික ඉන්දු - රුසියා හවුල්කාරිත්වය සහ කාර්මික සහ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ගිවිසුම් සඳහා අත්සන් තබා ඇත.

වෙළෙඳ, ආර්ථික, විද්‍යාත්මක, තාක්‍ෂණික සහ සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ ඉන්දියා-රුසියා අන්තර් රාජ්‍ය කොමිසමේ රාමුව යටතේ ඊයේ නවදිල්ලියේදී මෙම ගිවිසුම් සඳහා දෙපාර්ශ්වය අත්සන් තබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.