COPA සභාපති ධුරය කාට ද?

COPA සභාපති ධුරය කාට ද?

August 7, 2025   10:35 am

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරය මේ වනවිට පුරප්පාඩු වී තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මත නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීම එළැඹෙන සැප්තැම්බර් මස 12 වන දින සිදුකිරීමට නියමිත බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඊයේ (06) ඉල්ලා අස්වුණි.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා සඳහන් කළේ, ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මෙම තීරණය ගත් බවය.