ඉන්දියාවට එල්ලවිය හැකි ත්‍රස්ත තර්ජනයක් ගැන බුද්ධි අංශ අනතුරු අඟවයි
August 6, 2025 02:49 pm
සැප්තැම්බර් 22 සහ ඔක්තෝබර් 02 දින අතර ඉන්දියාව තුළ ත්‍රස්ත තර්ජනයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබේ.
එම තොරතුරු මත සියලු ඉන්දීය ගුවන්තොටුපොළ තුළ ආරක්ෂාව උපරිම ලෙස තර කරන ලෙසට එරට සිවිල් ගුවන් සේවා කාර්යාංශය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
සමාජ විරෝධි කණ්ඩායම් හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මත මෙම තර්ජනය එල්ලවිය හැකි බවද ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.